IP ADDRESSING

හැමෝටම ආයුබෝවන් යාලුවනේ.අද මම කතාකරන්න යන්නේ Networking වල තියෙන මූලිකම කොටසක් වන ​IP Addressing පිළිබදවයි.මොකක්ද මේ IP Address එකක් කියන්නේ,පරිගණක ජාලයක තියෙන සැම පරිගණකයකටම යම් විශේෂ වූ ලිපිනයක් තියෙනවා.මෙන්න මේ Address එකට තමයි IP Address එකක් කියලා කියන්නේ.




මම තවත් සරලව කියන්නම්කෝ.හිතන්නකෝ මේ ලෝකෙ තියෙන සැම ගෙදරකටම විශේෂිත වූ ලිපිනයන් තියෙනවනේ.අන්න ඒ වගේ තමයි Network එකක තියෙන සැම​​ Computers වලටම යම් විශේෂිත වූ ලිපිනයන්තියෙනවා.මෙන්න මේ ලිපිනයන් වලට තමයි IP Address කියල කියන්නේ.

අපේ ලිපිනයක් ගත්තොත් ඒ ලිපිනය දිහා බැලුවහම අපිට කියන්න පුලුවන් ඒ ගෙදර අයිති වෙන්නේ මොන පලාතටද​ කියලා.අන්න ඒ වගේ තමයි Network එකක​ IP Address යි Subnet mask එකයි දෙක එකතු කරලා අපිට කියන්න පුලුවන් ඒ Address එක අයිති වෙන්නේ මොන Subnet works එකටද කියලා.

(Subnet mask , Subnetworks ගැන මම පහලින් පැහැදිලි කරන්නම්)

මෙම IP Address ප්‍රධාන කොටස් 2 කි.

1.IPV4 (IP Version 4)

2.IPV6 (IP Version 6)





1. IPV4 (IP Version 4)


IPV4  Address ක් Represent කිරීමට bit 32 ක් යොදා ගනු ලබනවා.


පරිගණකය මෙම ලිපින නිරූපණය කිරීමට Binary numbers භාවිතා කලද සමාන්‍ය භාවිතයේදී අප විසින් Decimal numbers භාවිතා කරයි.

EX: 192.124.124.0

මෙහිදී අප IP address එක ප්‍රධාන කොටස් 4 කට බෙදන අතර මෙහි එක් කොටසක් octet එකක් ලෙස හැදින්වේ.තවද මෙලෙස බෙදා දැක්වීම Dotted Decimal Notation ලෙස හැදින්වේ.





මේ එක Octet ගත්විට එහි bit 8 තියෙනවා.ඉතින් අපිට 0-255 දක්වා Numbers පරාසයක් එක octet එකකින් නිරූපනය කරන්න පුලුවන්.




ඉතින් මේ IP Address එකක් ගත්තහම එහි Octet 4 ක් තියෙනවා.එක Octet එකකට bits 8 ගානෙ මුලු bits 32 ක් ඇති හින්දා  එකිනෙකට වෙනස් ලිපින දෙකේ තිස්දෙක බලයක්, ඒ කියන්නෙ ආසන්නව බිලියන 4.2 පමන තිබෙනවා.


නමුත් පසුකාලීනව අන්තර්ජාලය වේගයෙන් පැතිරීමත් සමග IPV4 ක්‍රමය අසාර්ථක වු අතර ඒ වෙනුවට IPV6 ක්‍රමය හදුන්වා දෙන ලදී.




2. IPV6 (IP Version 6)


IPV4 ක්‍රමයේදී Bits 128 භාවිතා කරයි.එහිදී 2 කේ128 ගුණයක් Ip Addresses ලැබේ.



EX : AE07 . 0007 . 65AB.0



මේ IPV6 එකෙත් භාවිතා කරන්නේ IPV4 එකේ මූලික කරුනුම තමයි.


IP Classes


IP Address එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.

1.Net Id

2.Host Id

මේ කොටස් දෙක බෙදන ආකරය අනුව​ IP Address class 5 ක් ඇත​.

1.class A

2.class B

3.class C

4.class D

5.class E





 ** ඉතින් මේ ආකාරයට IP Address එකේ  පලවෙනි octet එකේ පලවෙනි bit  එක 0 නම් එම Address එක class A වලටද,එවිට පලවෙනි octet එක Net id එකටද ඉතිරි octet 3ම Host idඑකට අයත් වේ.

 0XXXXXXX.X.X.X



**  තවද​ IP Address එකේ  පලවෙනි octet එකේ පලවෙනි bit  දෙක​ 10 නම් එම Address එක class B වලටද එවිට පලවෙනි octet  2 Net Id ද දෙවෙනි octet 2  Host id එකටද අයත් වේ.


10XXXXXX.X.X.X





**  තවද​ IP Address එකේ  පලවෙනි octet එකේ පලවෙනි bit  තුන​ 110 නම් එම Address එක class C වලටද එවිට පලවෙනි octet 3 Net id ද දෙවෙනි octet 1  Host id එකටද අයත් වේ.


                   110XXXXX.X.X.X


class D හා class E පිළිබදව අප මෙහිදී වැඩි අවධානයක් යොමු නොකෙරේ.


Subnet Mask






අපිට හමුවන සමහර IP Address වලට Class එකක් සෙවිය නොහැක​​.එවැනි අවස්ථාවලදී Subnet mask යොද ගැනේ.


ඉතින් මේ Subnet එක බලාගන්න ඔයාලා පවිච්චි කරන්නේ Windows මෙහෙයුම් පද්ධතියක් නම් ipconfig type කරන්න​.Linux මෙහෙයුම් පද්ධතියක් නම් ifconfig typeකරන්න​.


ස්තූතියි.
































Comments

Post a Comment

visitors

Popular posts from this blog

Boyer Moore String Search Algorithm

String Matching with Finite Automata